Wednesday, October 28, 2015

මුල් පිටුව


           ඉතිං යාලුවනේ පටන් ගනිමු අපි ඉගෙන ගන්න අන්තර්ජාලය හරහා හරි දේ හරි විදිහට.මුදල් සෙවීම අරමුණු නොවුනත් නොදන්න දෙයක් සමහරෙක් ඉගෙන ගත්තනම් ඒකත් සතුටක්.ඇත්තටම අන්තර්ජාලය කියන්නේ සල්ලි මවන්න පුලුවන් තැනක්.එලෙසෙම දිනෙන් දින දියුණු වන ලෝකයේ තොරතුරු තාක්ෂණය තමයි ඉක්මනින් හැම දෙයක්ම දිනෙන් දින යාවත් කාලීන වෙවි දියුණු වෙන්නේ .ඒ නිසා අනාගතයට මුහුණ දෙන කොට ඹබ හෝ ඹබගේ දරු මුණුපුරන් ඒකට සුදානම් වීම ඉතාම වැදගත් .ඒක අනාගතයේදි අනිවාර්ය අවශ්‍යතාවයක් වෙන බව නම් ඹබ මේ වෙන කොටත් දන්නවා ඇති.
    
    ඉතිං අපි බලමු අන්තර්ජාලය කොහොමද අපේ ආදායම් මාර්ගයක් කර ගන්නේ කියලා.ඒ මාවතේදි ඹබ ඉගෙන ගන්න අනෙකුත් දේ ඹබට කොහොම වැදගත් උනාද කියලා පසුවට වැටහෙයි.තව දෙයක් කියන්න ඕන ගොඩක් අය  බ්ලොග් වල ලියන්නේ අනුන් ලියපු දේ කියවලා දැනගෙන මිසක් අත්දැකීමෙන් දැන ගෙන නොවෙයි.ඒත් මම මේ ලියන්නේ අත්දැකීමෙන් මම ඉගෙන ගත් දේ පමණයි.කරලා නොබලබු දෙයක් මම  ලියන්නේ නැහැ.ඒ නිසා ඹයාලට දෙන දේ හරියට ඉගෙන ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා. 
 

      අන්තර්ජාලය හරහා මුලින්ම මුදල් ඉපයීමට යෑමේදි හෝ  වෙනත් අවශ්‍යතාවයන් කර ගැනීමේදි නවකයන්ට ගොඩක් හිතට එන ප්‍රශ්ණ තමයි කොහොමද මුදල් උපයන්නේ ,ඒවාගෙන් උපයන මුදල් අපේ අතට ලබා ගන්නේ ,වැනි දේ ගොඩක් අයට ඇතිවෙනවා.මගේ අදහස නම් දිගටම මේ බ්ලොග් එකේ හිටියොත් ඒ හැම ප්‍රශ්ණයක්ම ආවරණය වෙන පිලිතුරු ඹබට හොයා ගන්න පුලුවන් වේවි අනිවාර්යෙන්ම .ඇත්තටම මේ බ්ලොග් එකේ ප්‍රධාන අරමුණත් එවැනි මුලික දේ නොදන්න අයට අත්වැලක් දීමට තමයි.ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්න දෙයක් තමයි මෙවැනි අන්තර්ජාල සම්බන්ද කටයුතු වලදී ලොකු පරිගණක දැනුමක් හා ඉංග්‍රිසි දැනුමක් මේකට අවශ්‍යයි කියලා වුවත් ඒක වැරදි අදහසක් .ඒ දේවල් සම්බන්දයෙන් සාමාන්‍ය දැනුමක් ඹබ සතුව ඇත්නම් එය ප්‍රමාණවත්. ඉතිං රැකියාවන් පමණක් නොව අන්තර්ජාලය සම්බන්ද ගොඩක් දේවල් ආවරණය වෙන්න පහත සබැදියන් යටතේ Post කරන්නයි මාගේ සුදානම.

* ඹබටම වෙන්වු  email ලිපිනයක් සාදා ගන්නා අයුරු
*ඹබේම Facebook Account එකක් සාදා ගන්නා අයුරු
* ඹබට ඹබේම වෙබ් අඩවියක් සාදා ගන්නා විදිහ.
* අන්තර්ජාල සම්බන්ද ගනුදෙනු වලදි අනිවාර්යෙන් අවශ්‍යය වන අන්තර්ජාල බැංකු ගිණුම්(On Line Bank   Account)නිවැරදි ලෙස සාදා ගන්නා අයුරු.
*සාදා ගත් අන්තර්ජාල බැංකු ගිණුම්(On Line Bank Account) ගනුදෙනු කිරීම සදහා verify කිරීම හා අප  රටේ බැංකු ගිණුම් හා ක්‍රෙඩිට්,ඩෙබ්ට් කාඩ් පත් සමග සම්බන්ද කරන අයුරු.
* නොමිලේ ඹන්ලයින් සෝෂල් ෆෝරම්(On Line Social Forum)එකක් සකසන අයුරු.
* විදේශ රටවල සිට විශ්වාසවන්ත ලෙස භාණ්ඩ ගෙන්වා ගන්නා ආකාරය (eBay, amazon)සහ එමගින් මුදල් උපයන විදි.
* E Bay සම්බන්ධ බොහෝ දේ.
*අන්තර්ජාලය හරහා ආදායම් උපයාගත හැකි ප්‍රධාන රැකියාවන් හා ඹබගේ හැකියාව අනුව මුදල් සෙවීමට  පටන් ගමු.
*නොමිලේ ඹන්ලයින් රේඩියෝ සේවයක් පටන් ගමු.
*Forex Trading සිදුකර විශාල ලෙස ආදායම් හොයමු.
   
                        
ඉහතින් සදහන් කල ප්‍රධාන මාතෘකා වලට අමතරව තවත් ඹබලාට අවශ්‍ය වන වැදගත් බොහෝදේ ගෙනෙන්නයි මාගේ සුදානම.ඊටත් අමතරව චිත්‍රපට,පරිගණක ක්‍රීඩා,අත්‍යවශ්‍ය මෘදුකාංග,සංගීත වැනි සියලු දේ ගැන වැදගත් සබැදියනුත් ඹබට ලබා ගත හැකියි ඹබට දිගටම CyberDollars නොහොත් සයිබර් අවකාශයේ රුපියල් සොයා සමග රැදි සිටියොත්.

         


        

No comments:

Post a Comment